Professional යනු?



අපි මුලින්ම සලකා බැලිය යුත්තේ Professional යනු කුමක්ද යන්නයි. Professional 
යනු යම්කිසි විශයක් සම්බන්දව වෘතිමය හැකියාවන් පෙන්නුම් කිරීමයි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිලිබඳව අවධානය යොමු කිරීමේදී මෙවැනි අධ්‍යාපන 
ක්‍රමයක් දැකිය නොහැක.නමුත් අද රාජ්‍ය සහ පුද්ගලික රැකියා දෙස බලන කල අදාල රැකියා 
සඳහා හැකියාවන් තිබිය ‍යුතුමය.මේ නිසා ලංකාවේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වන 
සිසු දරු දැරියන් විශවවිද්‍යාල උපාධිය ලැබුවත් ඔවුන්ට අදාල රැකියා නොලැබේ.
අප සලකා බැලිය යුත්තේ වෘතිමය හකියාව වර්ධනය කරගත යුත්තේ කෙසේද යන්නයි.

1. අදාල විශය සම්බන්ධව ඇති විශය කරුණු ගඹුරුට හෑදෑරීම..
2. විශය කරුණු ආශ්‍රය කරගෙන ප්‍රායෝගික වැඩ සටහන් නිර්මාණය.
3. වැඩසටහන්  දියුනු කිරීම ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යනය කිරීම.
4. අදාල විශය කරුණු පාදක කොට ගෙන අන්තර්ජාලය ඇසුරින් පර්යේෂණ සිදු කිරීම.
5. අදාල විශය කරුණු ඇතුලත් කරගෙන විශේෂ ප්‍රායෝගික පුහුණුවීම් ලබා දීම.

ඉහත දක්වන කරුණු අනුව යම්කිසි ප්‍රායෝගික ක්‍රමයකට හැඩ ගස්වන පුද්ගලයකු වෘතිමය 
හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැක.
මේ අනුව වෘතිමය හැකියාවකින් යුක්ත පුද්ගලයෝ බිහිකිරීම සඳහා ක්‍රමවත් සාර්ථක වැඩ 
පිලිවෙලක් අනුගමනය කර ක්‍රියාත්මක කල යුතුය.ශ්‍රි ලංකාවටද මෙවැනි පිරිසකගේ 
අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන්නට තිබේ.එම නිසා ලංකාවේ අනගතය පිලිබඳව සුභවාදීව 
බලන්නේ නම් වෘතිමය හැකියාවන්ගෙන් පිරිපුන් අධ්‍යාපන ක්‍රමවේදයක් ඉතාමත් ඉක්මනින්
 ක්‍රියාත්මක කල යුතුය.

0 Response to "Professional යනු?"

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template